ලොව විශාලතම සුසාන භූමියේ ඇති සොහොන් කොත් ගණනය කිරීමට නව ක්‍රමවේදයක් සැකසීමට යයි. ඉරාකයේ ශුද්ධ වූ නජාෆ් නගරයේ පිහිටා ඇති මේ සුසාන භූමිය අදින් වසර 1400 ට පෙරාතුව ආරම්භකරන ලද බවට සාධක ඇත. අවම වශයෙන් එහි සොහොන් කොත් ලක්ෂ 50ට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කැර ඇත.
ශාන්තියේ මිටියාවත අර්ථයෙන් නම් කැර ඇති මේ සොහොන් භූමියේ විශාලත්වය වර්ග කිලෝ මීටර හයකි. බැලූ බැලූ අත පෙනෙන්නේ ක්ෂිතිජය තෙක් පැතිර පවත්නා සොහොන් කොත් සමූහයයි. ඉරාකයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් වර්තමානයේ වසරකට සිරුරු ලක්ෂ පහක් පමණ මෙහි මිහිදන් කරති.






